by Staff writer 29-08-2020 | 7:14 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධී ලෙස මුහුදු මගින් ප්රවාහනය කරමින් තිබු රත්රං කිලෝග්රෑම් 5 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මෙම මෙහෙයුම කළ බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
අත්අඩංගුවට ගත් 30 හා 32 හැවිරිදි සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා යාපනය රේගු කාර්යාලයට භාර දී තිබේ