by Staff writer 29-08-2020 | 9:26 PM
COLOMBO (News 1st) : මේ වනවිට රටේ ක්‍රියාත්වක වන්නේ, 19 වාරයක් සංශෝධනය වූ කබල් ව්‍යවස්ථාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ , රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
කතානායකවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලු දෙනා එක්ව ඉදිරි අවුරුදු 50කට වත් වෙනස් කිරීමට අවශ්‍ය නොවන ව්‍යවස්ථාවක් සැකසිය යුතුව ඇති බවයි.
මීට අමතරව කෝප් කමිටුවේ සභාපතීත්වය සම්බන්ධයෙන් ද කතානයකවරයා අදහස් පළ කළේ ය.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කථානායකවරයා පැවසුවේ, ඊළඟ පාර්ලිමේන්තුවාරයට ඔහු කැඳවා ගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැන්වූ බවයි.
https://www.youtube.com/watch?v=rk7KpKMdgnE&feature=youtu.be