by Staff writer 29-08-2020 | 5:37 PM
COLOMBO (News 1st) : ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් නීතිවිරෝධිව ඩෝසර් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම ප්‍රදේශයේ ඉස්සන් ව්‍යාපාරිකයෙකු සහ එම තෙත් බිම ඩෝසර් කළ රියදුරුයි.
එම ඩොසර් යන්ත්‍රය සහ එහි රියදුරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබූ අතර අදාළ ව්‍යාපාරිකයා අද උදෑසන ආරච්චිකට්ටුව පොලීසියට භාර විය.
ඔවුන් මුන්දලම සහ බත්තුළුඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.