by Staff writer 28-08-2020 | 10:14 AM
COLOMBO (News 1st) - එළැඹෙන මහ කන්නයේ දී වගා බිම් හෙක්ටයාර හතලිස් පන්දහසකට කාබනික පොහොර සැපයීමට පියවර ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කාණ්ඩ හතරක් යටතේ එය සිදු කෙරෙන බවයි.
ඒ යටතේ වගා බිම් හේකටයාර 2000 කට කාබනික පොහොර පමණක් සැපයෙනු ඇත.
එම වගා බිම් සඳහා කිසිදු රසායනික පොහොර වර්ගයක් භාවිත නොවන බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1300කට ද, කළුතර, මාතර හා ගම්පහ දිස්ත්‍රික්වල හෙක්ටෙයාර් 700 කට ද මේ යටතේ කාබනික පොහොර සැපයෙනු ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2000ක් සඳහා කාබනික පොහොර සැපයෙන්නේ 70% ප්‍රතිශතයකිනි.
වැඩපිළිවෙළ යටතේ හෙක්ටයාර 1000ක් සඳහා 50% පදනම යටතේ කාබනික පොහොර සැපයෙන බව මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර මිල දී ගැනීම සඳහා පමණක් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 460කි.