by Staff writer 28-08-2020 | 12:36 PM
COLOMBO (News 1st) - මරණ දඬුවම නියමව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන්නැයි අද ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දෙන කතානායකවරයා සඳහන් කළේ, තේරී පත් වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බවයි.