by Staff writer 24-08-2020 | 2:26 PM
COLOMBO ( News 1st ) : ගත වූ පැය 24 තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කොච්චිකඩේ, පේරුතොට ඉස්සන් වාඩිය අසළදී හා කම්මල්ගොඩ, මෝය සමීපයේදී දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ දඹදෙණියේ හා කඳවල පදිංචි 18 හැවිරිදි හා විසිතුන් හැවිරිදි තරුණයන් දෙදෙනෙක් ය.
මේ අතර ඊයේ පස්වරුවේ ගල්ලකිස්ස මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් දෙහිවල වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගෙන තිබේ.
අතුරුදන්ව ඇති සෙසු තරුණයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
නුවරඑළිය, පූඬළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම දෙදෙනා ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබුණි.
ඊට අමතරව කිතුල්ගල, තුන්කිද ප්‍රදේශයෙන් කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටිය දී සැඩ පහරට හසුව මාකොල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අතුරුදන් වී තිබේ.