තවත් මාස කිහිපයකින් කොළඹ වෙනස් වෙන හැටි...

තවත් මාස කිහිපයකින් කොළඹ වෙනස් වෙන හැටි...

by Staff writer 24-08-2020 | 10:35 PM

COLOMBO (News 1st) - තවත් මාස කිහිපයකින් කොළඹ නගරය වෙනස්කම් රැසකට ලක්වේ.

ඒ නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හේතුවෙනි. මෙම වැඩසටහන යටතේ කොළඹ, කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරිණි. කොළඹ, කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ නවීකරණය සඳහා අද පෙරවරුවේ මෙලෙස පියවර තැබුණේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම නවීකරණ ව්‍යාපෘතියට යාත්‍රා නවතා තැබීමේ ස්ථානයක්, නව පාලමක්, ආහාර සහ සෙසු ද්‍රව්‍ය මිලදී ගැනීමේ ස්ථාන ඇතුලු අංග රැසක් එක්කර තිබේ. දෙස් විදෙස් සංචාරකයින් මෙම ස්ථානයට ආකර්ශනය කරගැනීම ව්‍යාපෘතියේ මූලික අදහසයි. නාගරික සංවර්ධන අධිකාරියේ තාක්ෂණික දායකත්වයෙන් සියලු නවීකරණ කටයුතු සිදුවන්නේ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායක්තවය ඇතිවයි. එළැඹෙන නොවැම්බර් 17 වැනිදාට පෙර මෙම නවීකරණ කටයුතු අවසන් කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මරදාන දුම්රියපොළ හා කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය යාකිරීම සිදුවනු ඇති.