ගිනි අවි සමග දෙදෙනෙකු STF දැලේ

ඔලුවිල්හිදී ගිනි අවි සමග දෙදෙනෙකු STF දැලේ

by Staff writer 23-08-2020 | 3:45 PM

COLOMBO ( News 1st ) : අක්කරෙයිපත්තුව, ඔලුවිල් ප්‍රදේශයේදී ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 , මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, පතරොම් 20 , සහ හිස් පතරොම් කොපු 32 ක් ඔවුන් සතුව තිබී සොයාගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 සහ 55 වයස්වල පසුව ඔලුවිල් පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අක්කරයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.