by Staff writer 22-08-2020 | 10:37 PM
COLOMBO (News 1st) : පළාත් සබා වලට අදාළ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
රැස්වීමෙන් අනතුරුව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “සාමය , සංහිඳියාව සහ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉන්දියාවේ දීර්ගකාලීන ස්ථාවරය මහ කොමසාරිස්වරයා නැවත අවධාරණය කළ බවයි.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා එක්ව සිටියේ ය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩික්කලනාදන් සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් සෙවීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික වී තිබේ.
https://business.facebook.com/NewsfirstSL/videos/1590648777780619/