by Staff writer 22-08-2020 | 12:46 PM
COLOMBO (News 1st) - උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන්ට ලබන 15 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව දැනුම් දෙන්නේ, එම අභියාචනා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත යොමු කරන ලෙසය.
ප්‍රතික්ෂේප වීමට හේතුව ලෙස සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය ලබා තිබීම සහ රැකියාවක නිරත වීම ලෙස, සඳහන්ව ඇති අයැදුම්කරුවන්ට මෙලස අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දි තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ වෙබ් අඩවිට පිවිසීමෙන් ලබා ගත හැකිය