COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශ්වික සබඳතා ඔස්සේ වැඩි ප්රතිලාභ දෙරටේම ජනතාවට හා රාජ්‍යයන් දෙකටම අත්වෙන ආකාරයට කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි.
මෙම අදහස් පළ වූයේ, ඊයේ චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලීජියෑන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය.
ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පැවුසවේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අනෝන්‍ය ප්‍රතිලාභී සහයෝගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි.
චීනය අග්‍රාමාත්‍යවරයා ද අගමැති ධුරයේ දිවුරුම්දුන් රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරන බව පැවසූ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාව ප්‍රවර්ධනය කිරීමට බොහෝ කලක සිට කැපවී සිටින බවයි.
''චීනය, රාජපක්ෂ මහතාට, දිවුරුම්දීම පිළිබඳව සුබ පැතුම් එක්කරනවා.අගමැති ලී කෙක්යෑන්ග් සුබ පැතුම් පණිවිඩයකුත් යවා තිබෙනවා.චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා ඈත අතීතයට දිය යන්නක්.මෑත කාලයේ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගිතා හවුල පදනම්වන්නේ යහපත් අනෝන්‍ය සහයෝගය මත සහ දීර්ඝ කාලීන මිත්‍රත්වය මත පදනම්වයි.දෙරටේ ද්වීපාර්ශ්වික සහයෝගිතාව අංශ කිහිපයකට විහිදී යනවා.අප සබඳතා ඉතා ගැඹුරුයි.විශේෂයෙන් කොවිඩ් 19 හමුවේ දෙරට රජයන් සහ ජනතාව එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කළා.අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාව ප්‍රවර්ධනය කිරීමට බොහෝ කලක සිට කැපවී සිටිනවා.ශ්‍රී ලංකාව සමග වන සබදතාවය චීනයට විශාල දෙයක්.අපේ සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අනෝන්‍ය ප්‍රතිලාභී සහයෝගය ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යාමටත් ද්වීපාර්ශ්වික සබදතා හරහා වැඩි ප්රතිලාභ දෙරටේම ජනතාවට හා රාජ්‍යයන් දෙකටම අත්වෙන ආකාරයට කටයුතු කිරීමටත් අප සූදානම්''
https://www.facebook.com/NewsfirstSL/videos/299390678001935/