මවක සහ දියණියකට දිවි අහිමි කළ රිය අනතුර

මවක සහ දියණියකට දිවි අහිමි කළ රිය අනතුර

by Staff writer 11-08-2020 | 10:14 PM
COLOMBO (News 1st) : දොම්පේ සමනබැද්ද මල්වාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මවකට සහ දියණියකට ජීවිත අහිමි විය. රත්නමූර්ති ශාන්ති කුමාරි නම් වූ 42 හැවිරිදි මවටත්, ඇගේ 19 වියැති තංගරාජ් තරුෂිකා මධුවන්ති නම් වූ දියණියටත් ඊයේ සිය ජීවිත අහිමි වූයේ හංවැල්ල සිට මල්වාන දෙසට යතුරු පැදියක නැගී ගමන් කරමින් සිටියදීයි. අනතුර සිදුව ඇත්තේ මල්වාන සිට හංවැල්ල දෙසට අධික වේගයෙන් ධාවන වූ මෝටර් රථයක ඔවුන් ගමන් කළ යතුරු පැදිය ගැටීමෙනි. පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවයි. අධික වේගය හේතුවෙන් මෝටර් රථය මහා මාර්ගයේ පෙරලී ගොස් තිබේ. එම අවස්ථාවේදී මෝටර් රථය, යතුරු පැදියේ ගැටීමෙන් එහි ගමන් කළ මව සහ දියණිය අනතුරට ලක් විය. සිද්ධිය සම්බන්ධයෙන් මෝරටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගැගෙන තිබේ. මේ අතර දඹුල්ල - මාතලේ ඒ 9 ප්‍රධාන මාර්ගයේ ලොරියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. අද උදෑසන මෙම අනතුර සිදුවුණේ දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේදීයි. එකිනෙක ගැටී තිබුණේ නාඋල සිට දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ දඹුල්ල සිට නාඋල දෙසට ධාවනය වූ ලොරි රථයකි. අනතුරින් ලොරි රථයට බරපතල හානි සිදු වී තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ලොරියේ සහායකයායි. 55 හැවිරිදි වියේ පසු වූ ඔහු දඹුල්ල කිරලව ප්‍රදේශයේ පුද්ගලයෙකි. බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ. ටිපර් රථයේ රියදුරා දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසී ය. එම ජිප් රථය බදුල්ල - කැන්දගොල්ල මුතුමාල ගොවිපොල ප්‍රදේශයේදී අඩි 30ක ප්‍රපාතයකට පෙරලී තිබේ. ඒ වන විට එම රථයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ගමන් කර ඇති අතර අප වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුලත්කර ඇති බවයි. රාජකාරි කටයුත්තකට ගොස් නැවත පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී ජිප් රථය මෙම අනතුරට මුහුණ දුන්නේ ය. පොලීසිය සැක කරන්නේ වර්ෂාව නිසා ජිප් රථය ලිස්සා යෑම මෙම අනතුරට හේතුව බවටයි https://www.facebook.com/NewsfirstSL/videos/2029602580504216/