by Staff writer 11-08-2020 | 7:19 PM
COLOMBO (News 1st) : තමා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයාගෙන් අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා,විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සහ නීතිපතිවරයායි.
තමාට අත්අඩංගුවට ගැනීමට පසුගිය 7 වැනිදා පොලීසිය විසින් වරෙන්තු නියෝග ලබාගෙන ඇත්තේ නීතිපතිවරයා විසින් ලබාදෙන ලද උපදෙස් මත බවත්, ඒ අනුව සිදු කළ විමර්ශන ක්‍රියාවලිය සහ වරෙන්තු ලබාගැනීමේ ක්‍රියාවලිය නීතිවිරෝධි බවත් පෙත්සම්කරු අභියාචානාධිකරණයට පෙන්වා දී තිබේ.
කුරුණෑගල නගරාධිපතිවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරුතහනම් නියෝගයක් වග උත්තරකාර වැඩ බලන පොලිස්පතිවරයා පුමුඛ වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසයි.
එම නඩුවට පාදක වූ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බවට සනාථ කළ හැකි කරුණු නොමැති බැවින් පුරාවිද්‍යා පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් වග උත්තරකරුවන්ට නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/1322432991452048/