වෙඩි නොවදින පපු ආවරණයක් සමග අයෙකු STF භාරයට

කෑගල්ලේදී වෙඩි නොවදින පපු ආවරණයක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට

by Staff writer 09-08-2020 | 2:11 PM

COLOMBO (News 1st) - කෑගල්ල, රංවල ප්‍රදේශයේදී හෝටල් කාමරයක සඟවා තිබූ වෙඩි නොවදින පපු ආවරණයක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙය සොයාගත් බවයි. සැකකරු 25 හැවිරිදි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර කෑගල්ල වතුර ප්‍රදේශයේදී මිලිමීටර් 8 වර්ගයේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අඹවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.