ලෙබනයේ, බේරූට් අගනුවර දැවැන්ත පිපිරීමක්

ලෙබනයේ, බේරූට් අගනුවර දැවැන්ත පිපිරීමක්

by Staff writer 04-08-2020 | 10:19 PM
COLOMBO (News 1st) :  ලෙබනනයේ බේරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. බීරූට් වරායේ ගබඩාවක පිපිරීම සිදුව ඇති බවට මත පළ වුවත්, මෙතෙක් එය නිශ්චිතව තහවුරු කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විටත් විශාල දුමාරයක් සමග ගින්න පැතිරෙමින් පවතී. එය නිවා දැමීම සඳහා ගිනි නිවීම් බටයින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. තවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 2005 වසරේදී සිදුවූ හිටපු අග්‍රාමාත්‍ය රෆික් හරිරි ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ලබන සිකුරාදා ප්‍රකාශ කිරීමට නියමිතව ඇති පසුබිමකදී මෙම පිපිරීම සිදුව ඇති බවයි.