COLOMBO (News 1st) : අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම ආසාදිතයින් 6 දෙනා ම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගෙන ඇති බවයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ යනු ඇති.
වෛරසය ආසාදනය වීමෙන් පසු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2524කි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 229කි.
