ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

නව විෂය නිර්දේශය යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

by Staff writer 01-08-2020 | 1:10 PM

COLOMBO (News 1st) - මෙම වසරේ සිට නව විෂය නිර්දේශය යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව බහුවරණ ප්‍රශ්න 40 කින් සමන්විත පළමු ප්‍රශ්න පත්‍රයට, පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙනු ඇති. දෙවන ප්‍රශ්න පත්‍රයේ ද සංශෝධන කිහිපයක් සිදු කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප්‍රකාශ කළේ ය.