ශානි අබේසේකර රිමාන්ඩ්..

ශානි අබේසේකර රිමාන්ඩ්..

by Staff writer 31-07-2020 | 11:24 PM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි. ගිනිඅවි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.