අද දිනයේ නිවෙස්වල සිටින්නැයි තැපෑලෙන් ඉල්ලීමක්..

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අද විශේෂ දිනයක්..

by Staff writer 26-07-2020 | 7:28 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ.

තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.