නැගනෙහිර ජැටිය ඉන්දියාවට දෙන්න එපායි විරෝධයක්

නැගනෙහිර ජැටිය ඉන්දියාවට දෙන්න එපා...! වරාය සේවකයින් ජනපතිට කියයි

by Staff writer 24-07-2020 | 10:13 PM

COLOMBO (News 1st) - කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමකට බදුදීමේ යෝජනාවට විරුද්ධව වෘත්තීය සමිති අදත් ඒකාබද්ධ විරෝධතාවක නිරත විය.

ඔවුන් අද සිය ඉල්ලීම් ජනාධිපති කාර්යාලයට ද ඉදිරිපත් කර තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව මුල් කරගනිමින් මෙම විරෝධතාවය ආරම්භ වූයේ අද දහවල් 12.20 ට පමණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ වරාය පරිශ්‍රය සිට පා ගමනින් ජනාධිපති කාර්යාලයට පැමිණියේ ය. පා ගමන හේතුවෙන් ලෝටස් වටරවුම වසා දැමීමට ද පොලීසිය පියවර ගත්තේ ය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි වෘත්තිය සමිති 23 ක නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට රැගෙන ගියේ ය. පැය එකහමාරකට පමණ පසුව වෘත්තිය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණ තිබේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කර තිබුණේ නැගනෙහිර පර්යන්තය ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට බදු දිය යුතු බවයි. ඒ හරහා ලැබෙන මුදලින් වරාය අධිකාරියේ ණය ගෙවීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වාදී තිබුණි. මීට පෙර සාගල රත්නායක මහතා ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස නැගෙනහිර පර්යනත්ය දියුණු කළ යුතු බවට ලිඛිත එකඟතාවක් ඇති කරගෙන තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/3223507367744088/