එදා මුදා හැරණු ඉන්දීය ජාතිකයාට මොකද වුණේ?

හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණයකට සැකකළ ඉන්දියානුවාට මොකද වුණේ?

by Staff writer 21-07-2020 | 9:05 PM
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය මතක ද? නාමල් කුමාර නමැත්තා සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා හමුවීමට පැමිණි බව කියන ඉන්දීය ජාතික මරියසෙල් තෝමස් නමැත්තෙකු අත්අඩංගුවට පත්විය. මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වූ වහාම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, ඔහු මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවයි. පසුගිය වසරේ පෙබරවාරි 27 මේ ඉන්දීය ජාතිකයා අධිකරණයෙන් මුදා හැරියේ ය. දැන් මේ පුද්ගලයා කෝ? මේ අතරවාරයේ පසුගිය ජුලි 4 වනදා මන්නාරම පේසාලෙයි දේවස්ථානයක සැකකටයුතු පුද්ගලයෙකු සැරි සැරූ බවට පැමිණිලි ඉදිපත්විය. පසුව මොහු යාපනයේ දේවස්ථානයක සිටියදී ජුලි 6 වනදා අත්අඩංගුවට පත්වූ අතර ඒ පුද්ගලයා ද මානසික රෝගියෙකු බව පසුව ප්‍රකාශ කළේ ය. මේ පුද්ගලයා අනතුරුව වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කෙරිණ. අවධානයට...