27 CIDය හමුවට එන්නැයි, බදියුදීන්ට නියෝග

රිෂාඩ් බදියුදීන්ට CIDය හමුවේ පෙනී සිටින්නැයි, නියෝග

by Staff writer 21-07-2020 | 6:04 PM

COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ, පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට මීට පෙර අවස්ථා දෙකකදී දැනුම් දීම් කර තිබිණ. එම දැනුම් දීම් මත ප්‍රකාශයක් ලබාදීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය. ඒ අනුව හිටපු අමාත්‍යවරයාට ලබන 27 වනදා පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ, පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නොතිසි නිකුත් කළේ ය.