''මේ යන්නෙත් පරණ කෝච්චියේ අලුත් ඩ්‍රයිවර් කෙනෙක්''

''මේ යන්නෙත් පරණ කෝච්චියේ අලුත් ඩ්‍රයිවර් කෙනෙක්'' - අනුර කුමාර

by Staff writer 18-07-2020 | 7:10 PM
COLOMBO (News 1st) : ආණ්ඩුව පරිසර විනාශයට උත්සාහ කරන විට ජනතාවට නීතිය හමුවට ගෙස් පරිසර විනාශයෙන් බේරා ගැනීමට සිදුව ඇතැයි, ජාතික ජන බලවේගයේ නයාක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
''අධිකරණයෙන් නඩු තීන්දුවක් දුන්නා ප්‍රවාහණ බලපත්‍ර නැත්නම් අල්ලන්න කියලා. ආණ්ඩුව කැබිනට් මණ්ඩලේ තීරණය කරන්නේ මොකද්ද ප්‍රවාහණ බලපත්‍ර නැතුව වැලි ගෙනියන්න. ආණ්ඩුව පරිසර විනාශයට උත්සාහ කරන කොට ජනතාවට අධිකරණයට ගිහිල්ලා පරිසර විනාශය බේරාගන්න වෙලා තියනවා. තවත් මොකද්ද මේ පාලකයන් ගැන කතා කරන්න තියෙන්නේ. රටේ දූපත් වික්කා.'' 
අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ,ඊයේ පන්නිපිටියේදී පවති ජන හමුවක් අමතමිනි. තව ද වැලි ප්‍රවාහන බලප්‍රතය ඉවත් කළ දිනයේ සිට ගංගා අසබඩ සිදු වූ වැලි ජාවාරම් සම්බන්ධයෙන් මාධ්‍ය ඉටු කළ මෙහෙවර ද එහිදී අනුර කුමාර මහතා අගය කළේ ය.
''තමන්ට ඡන්දෙ සඳහා දාපු දායකත්වයට ලබා දීපු එක තමයි වැලි ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ වැලි ප්‍රවාහන බලපත්‍ර අයින් කරලා දුන්නු එක අපි ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සිරස නාලිකාව ඒ ප්‍රවාහණ බලපත්‍ර අයින් කරපු දවසේ සිට ගංගා අසබඩ සිදුවන වැලි ජාවාරම් පිළිබඳව දිනෙන් දින වාර්තා කලා. ඒ වගේම අධිකරණයේ නඩුවක් ගොනු වුණා''
මේ දක්වා පාලකයින් පොදු ජනතාව වෙනුවෙන් සිදු කර ඇත්තේ මොනවා දැයි ප්‍රශ්න කළේ ය.
''ඒ නිසා ඒ ගොල්ලො ආණ්ඩු හදලා මොකද්ද කරලා තියෙන්නේ තමන්ගේ පවුලට පාරක් හදලා තියනවා. තමන්ගේ ලගම ඉන්න මැරයන්ට සලකලා තියනවා. පොදු ජනයා වෙනුවෙන් මොකද්ද කරලා තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් ගොඩනගා ගන්නා ලද පාලකයෝ ජනතාවගේ පාලකයෝ නෙමෙයි පවුලේ පාලකයෝ.'' https://www.facebook.com/NewsfirstSL/videos/993244537760207/