මැතිවරණ කොමිසමේ සභාපති උතුරට යයි

නිරෝධායනය වන ජනතාවට සවස 4න් පසු ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 14-07-2020 | 8:54 PM
COLOMBO (News 1st) : සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලනඥයින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අගෝස්තු පස් වෙනිදාම ඡන්ද විමසීම පැවත්වීමට උපරිම උත්සාහයක් ගන්නා බවයි. අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇති ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිවන බව ද සභාපතිවරයා එහිදී පැවසී ය. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද මැතිවරණ කටයුතු පිළිබඳව සොයා බැලීමට උතුරු පළාතේ සංචාරය කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/747835976030819/