by Staff writer 10-07-2020 | 4:14 PM
COLOMBO (News 1st) : වැලිසර නාවික හමුදා රෝහල බාහිර රෝගීන් සඳහා යළි විවෘත කර තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කළේ, දින 77 ක් එය වසා තැබුණු බවයි.
වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ සෙබළුන්ට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් එහි බාහිර ප්‍රතිකාර ඒකකය පසුගිය අප්‍රේල් 24 වැනිදා සිට එලෙස වසා දැමිණ.