බන්ධනාගාර රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම අමුත්තන්ට තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 08-07-2020 | 5:06 PM

COLOMBO (News 1st) - සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම අමුත්තන්ට තාවකාලිකව අත්හිටුවා තිබේ. 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවය. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 315 දෙනෙකුගේ පී.සී.ආර් සාම්පල ලබා ගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, එම වාර්තා මෙතෙක් නිකුත්වී නොමැති බවය. මීට අමතරව, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 189 දෙනෙකු මේ වනවිට පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. දැනට නිලධාරීන් 9 දෙනෙකු පමණක් රාජගිරියේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය.