කටාර්හී ත්‍රිපුද්ගල ඝාතනය ගැන අනාවරණයක්?

කටාර්හී ත්‍රිපුද්ගල ඝාතනය: දියණිය සමග සබඳතා පැවැත්වූ අයෙකු ගැන දැඩි සැකයක්..

by Staff writer 08-07-2020 | 10:17 PM

COLOMBO (News 1st) - කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක් වූ එකම පවුලේ මව, පියා සහ දියණියගේ මළ සිරුරු අද පස්වරුව වනවිටත් මීගමුව මහ රෝහලේ තැන්පත් කර තිබුණි.

සිරුරු ඊයේ මෙරට රැගෙන ආ අතර පසුගිය මාර්තු මාසයේදී ඔවුන් තිදෙනා ඝාතනය කර තිබුනේ ගෙල සිර කිරීමෙන්ය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ මව, 59 හැවිරිදි පියා සහ 34 හැවිරිදි දියණියයි. දියණිය සමග සබඳතාවයක් පැවැත් වූ පුද්ගලයෙකු මෙම ඝාතන සිදු කර මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මියගිය පුද්ගලයින් කැලණිය, සිංහාරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරු සොයා මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මක වේ.