COVID-19 අරමුදල රු. බිලියන 1.45 ඉක්මවයි

COVID-19 අරමුදල රු. බිලියන 1.45 ඉක්මවයි

by Staff writer 07-07-2020 | 2:12 PM

COLOMBO (News 1st) - ඉටුකම කොවිඩ්-19 අරමුදල රුපියල් බිලියන 1.45 ඉක්මවා ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ, ඒක පුද්ගල සහ පෞද්ගලික අංශයේ ආධාර ලැබීම හේතුවෙනි. වැලිසර ජාතික රෝහල ඉටුකම අරමුදලට රු. 135,044.53 ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත චෙක්පතක් මගින් ලබාදී තිබේ. අයගම දිස්ත්‍රික් ලේකම් රු.34,865.95 ක මුදලක් සහ බේරුවල නාගරික සභාව රු. 131,200 ක මුදලක් ඉටුකම අරමුදලට පරිත්‍යාග කර ඇති බව සඳහන්ය. එච්.ඒ. ආරියදාස මහතා රු.25,447.96 ක මුදලක් ඉටුකම අරමුදලට පරිත්‍යාග කර ඇති අතර ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති කේ. ටී . චිත්‍රසිරි මහතා විසින් රු. 81,315 ක මුදලක් ඉටුකම අරමුදලට පරිත්‍යාග කර තිබේ. නිසිනි මොවින්යා දැරිය රු. 5000 ක මුදලක් ඉටුකම අරමුදලට පරිත්‍යාග කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව දැනට ඉටුකම අරමුදලේ ශේෂය රු.1,448,833,919.15කි.