ක්‍රිකට් තරග පාවාදීම්,

ICCයෙන් මහින්දානන්දට දැනුම්දීමක්..

by Staff writer 26-06-2020 | 11:23 PM

COLOMBO (News 1st) - මේ පිළිබඳව සාකච්ඡාවට ලක්වුණේ පසුගියදා නිව්ස්ෆස්ට් නිව්ස් ලයින් විශේෂාංගය සමඟ එක්වෙමින් හිටපු ක්‍රීඩා ආමත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ හෙළිදරව්වක් හේතුවෙනි.

මේ අතර ක්‍රිකට් තරග පාවාදීම් ගැන මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(26) යළිත් මහනුවර පැවති ජන හමුවකදී අදහස් පළ කළේය. "ඊයේ රාත්‍රියේ අයි.සී.සී. නිලධාරීරියා මට ඊමේල් පණිවිඩයක් එව්වා . අද මම ඒකට පිළිතුරු යැව්වා . එතුමා කියනවා ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් පාවා දෙන වැඩිම තරගකරුවන් ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කියලා. මම මේ ගැන කනගාටු වෙනවා . මේවා නැවැත්තුවේ නැත්තම් අපිට කවදාවත් ලෝක කුසලනායක් දිනන්න වෙන්නේ නැහැ"