වන අලියෙකුගේ සිරුරක් බෙල්ලන්කඩවල රක්ෂිතයෙන්

වන අලියෙකුගේ සිරුරක් බෙල්ලන්කඩවල රක්ෂිතයෙන්

by Staff writer 17-06-2020 | 7:57 AM

COLOMBO (News 1st) - කැකිරාව, බෙල්ලන්කඩවල රක්ෂිතයේ මිය ගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුව තිබේ.

කැකිරාව, බෙල්ලන්කඩවල රක්ෂිතයේ කැකිරාව - පලුගස්වැව මාර්ගයට ආසන්නයේ මිය ගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් ප්‍රදේශවාසින්ට ඊයේ හමුවිය. ගනේවල්පොල වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණියේ ප්‍රදේශවාසින්ගේ දැනුවත් කිරීම මතය. මිය ගොස් සිටියේ වයස අවුරුදු 12 ක පමණ වන අලියෙකි. වනජීවි නිලධාරීන් හා පන්ඩුලගම පශු වෛද්‍යවරයා එක්ව මියගිය වන අලියේ මරණ පරීක්ෂණය සිදු කළේ ය. එහිදී අනාවරණය වූයේ වන අලියා හක්කපටස් ආහාරයට ගෙන ඇති බවය. හක්කපටස් හේතුවෙන් මුඛය තුවාල වී ඇති අතර ඒ හේතුවෙන් දින ගණනක් ආහාර ගැනීමට නොහැකිව සිට ඇත.