පෙර පාසල් ජූලි 01වැනිදා සිට විවෘත කෙරේ

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි 01වැනිදා සිට විවෘත කෙරේ

by Staff writer 16-06-2020 | 7:50 AM

COLOMBO (News 1st) -  පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි මස 01වැනිදා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් හා රෙගුලාසි වලට අනුවයි. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් කඩිනමින් සියලු පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවයි.