''කිසිවෙකුට PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන්න බැහැ''

JUST IN :''විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන්න බැහැ''-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 04-06-2020 | 5:27 PM
COLOMBO (News 1st) : විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, සාමාන්‍ය මගීන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ද අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බවයි. ජාසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළු වී ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. අදාළ නිලධාරියා එලෙස ක්‍රියා කර ඇති බවට ගුවන් තොටුපළ බලධාරීන් ඇතුළු කිසිදු අයෙකු තමන් තවමත් දැනුවත් කර නොමැති බව ද අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.   https://www.facebook.com/NewsfirstSL/videos/302158314127039/