කිරි දෙනුන් ගෙන්වීම ගැන රජය කියන කතාව

කිරි දෙනුන් ගෙන්වීම ගැන රජය කියන කතාව

by Staff writer 01-06-2020 | 10:26 PM

COLOMBO (News 1st) - කිරි ගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වීමේ සූදානම පසුගිය දිනවල දැඩි ලෙස විවේචනයට ලක් විය.

ඊට හේතු වූයේ පැවති ආණ්ඩු දෙකම ගෙන්වූ කිරි ගවයින්ගෙන් අපේක්ෂිත ප්‍රතිපල ලබා ගැනීමට නොහැකි වූ පසුබිමක නැවත මෙම තීරණය ගැනීමයි. අද රජය පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ කරුණු පැහැදිලි කිරීම සඳහා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සමග නිලධාරීන් කිහිප දෙනෙකු ද පැමිණියේ ය. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
තාම අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකළ නිසාත් සමහර මුල්‍ය වියදම් පිළිබඳ සීමා පැවතීම නිසාත් වැඩ කටයුතු සැලසුම් කිරීම හැර ක්‍රියාත්මක කිරීමක් මේ අවස්ථාවේ සිද්ද වෙන්නේ නෑ. එය සැලසුම් කරණය හා ව්‍යාප්තියට අවශ්‍ය අනුමැතීන් ලබාගෙන වෙච්ච රාජකාරි සඳහා තමයි ආමාත්‍යවරු කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ.
ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය මංජුල සුමිත් මාගම්මන මහතා
එතකොට මං හිතන්නේ ජාතික පසු සම්පත් මණ්ඩලයට කිරි දෙනුන් ආනයනය කිරීම අලුත් දෙයක් නෙවෙයි. අපි අභිජනය කරලා ගොවීන්ට බෙදා දෙනවා. නමුත් මේ ක්‍රමය වෙනස්වලා ගිහිල්ලා 2015 දී මිනිස්සුන්ට බෙදා දෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ට බෙදා දීම තුළ විශාල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ පොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම නැවත සමාලෝචනයට ලක්කරනවා රිදියගම, නිකවැරියට ගෙවිපලවල මිනිස්සුන්ට කිරි ගන්න බෙදන්න නෙවෙයි අභිජනනය සඳහා උසස් ආකාරයේ කිරි ගවයින් 2500 ක් ආනයනය කර ඒ සත්තුගෙන් ලැබෙන දෙවෙන පරම්පරාව දේශිය කිරි කර්මානය සඳහා ජනතාව සඳහා බෙදා දෙන්න තමයි අපි මේ වැඩපිළිවෙළේ තියෙන්නේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහත්මිය
කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යපෘතිය ව්‍යවසායකයින්ට ලබාදුන් මේ අයට ආහාර හිඟය හා කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලු ඇතිවුණා. ඒ අපේක්ෂිත ආදායම ලැබුන් නැති නිසා සමහර ගොවිපල් ආසාර්ථක වුණා නමුත් කරගෙන යන ගොවීන් සෑහේන ප්‍රමාණයක් ඉන්නවා.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය?
කළින් ගෙනාපු ව්‍යාපෘතිය යටතේම කොටසක් තමයි මේ 2500 එන්නේ ගවයින්.
ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය මංජුල සුමිත් මාගම්මන මහතා
ඒ ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් සමාලෝචනය කරනවා සංශෝධනය කරනවා.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය?
පහුගිය රජය වෙනකොට ඒ ගොල්ලේ අන්තිම තොගය ගෙන්න මුදලුත් ගෙවලා තිබුනා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙනුත් තොරව.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහතා
මේ ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියානු ණය ආධාරයක්. එතකොට ඒක ක්‍රියාත්මක කළේ වානිජ ගොවිපල සඳහා සතුන් ආනයනය කිරීමට. මේ දෙවෙනිවරට ගොවීන් තොරාගෙන ඒ වෙනුවෙන් තමයි අර ඇඩ්වාන්ස් පෙමන්ට් එකක් කරලා තිබුනේ. හැබැයි දැන් මේක නවත්තනවානේ මේ ගවන්මන්ට් එක මේක නවත්තනවා. ඇඩ්වාන්ස් පෙමන්ට් එකත් එක්ක අර ආයතන මොකුත් සම්බන්ධයක් නැතුව අපිට හම්බවෙච්ච ණයක්නේ රටට එක යොදාගේන දැන් ක්‍රියාත්මක කරන්න යන්නේ පශූ සම්පත් මණ්ලයේ සංවර්ධනය හා විජනන ගොවිපල ඇති කිරීමට.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය?
මේ ගෙන්වන සමාගම මොකක් ද?
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහතා
පෙර ගෙන්වූවේ වෙලාඩ් රූරල් කියලා ආයතනයක්. එක 2012 ඉඳලම දිගටම මේ රටට ගවයෝ ආනයනය කරපු සමාගම.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය?
මේ පාර ගෙන්නෙත් ඒ කොම්පැනිය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහත්මිය
නෑ අපිට දැන් කම්පැනිය අපිට තීරණය කරන්න පුළුවන් මොකෙන්ද ගෙන්නේ කියලා මොකද ඒ කම්පැනිය ගේන සත්තු නෙවෙයි අභිජනන ගොවිපලක් සඳහා ගේනවා නම් එක විශේෂයෙන් සිලෙක් කරලා සත්තු ගෙන්න ඕනේ. ඒ කම්පැනිය නැතුව අපිට වෙන කම්පැනියකින් ගෙන්න පුළුවන්. ‍ මාධ්‍යවේදී ප්‍රශ්නය, මේතුමත් අහපු ප්‍රශ්නය අනුව මේ රිලිස් කරපු ඇඩ්වාන්ස් පෙමන්ට් එක ඩිරෙක්ලි අහන්නේ විලාඩ් කම්පැනි එක අපිට දෙනවාද ? නැත්නම් කොහොමද අපි ඒ මුදල ආයේ වෙන වැඩවලට යුස් කරගන්නවා කියලා කියන්නේ එතන පොඩි පැහැදිලි මදිකමක් තියෙනවා නේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහත්මිය
මෙහෙමයි මේ ණය ලබාදෙන්නේ ඊ එෆ්. ඒ කියලා ඕස්ට්‍රෙලියාවේ ගවමන්ට් එකේ ෆන්ඩින් එජන්සි එකක්. අපි මේ මෑතක පෙබරවාරි මාසේ වගේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමග සාකච්ජාවක් කළා. එතුමා කිව්වා එකට මැදිහත්වෙලා ඒ මුදලත් එක්කම මේකට යොදවන්න කටයුතු කරලා දෙනවා කියලා.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය?
මේ අවස්ථාව වන විට ගෙන්නලා තියෙන ගවයින් සම්බන්ධ ලොකල් එජන්ට් කෙනෙක් හිටියා ද? ඒජන්ට් කෙනෙක් ඉන්නවා ද?
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහත්මිය
ඔව් හිටියා
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය?
කවුද එජන්ට්?
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහත්මිය
ෆෙසයිට් ඉංජිනියරින් කියලා ලෝකල් එජන්ට් කෙනෙක් හිටියා.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය?
එතකොට දැන් මේ සිද්ධිය ඉස්සහට යද්දි 2025 ප්ලෑන් එකේ ඒ ලොකල් එජන්ට්ගේ රෝල් එක මොන වගේ ද?
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරි නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා සුමනසේකර මහත්මිය
නෑ මෙහෙමයි දැනට මේ කැබිනට් පත්‍රිකාවේ ඩිෂිෂන් එක අපේ අතට පත්වෙලත් නෑ මම එක අද තමයි දැක්කේ එහි තියෙන්නේ කමිටි එකක් දාලා ඒ කමිටි එකෙන් කමයි ගරු ඇමතිතුමනි මේක ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්නේ.
https://youtu.be/jzU5HR2otVs