COLOMBO (News 1st)- අද(24) දිනය තුළ (සවස 5.30 දක්වා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28 දෙනා කුවේට් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එ් අනුව මෙම ආසාදිතයින් 28 දෙනාගෙන් 5 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පිරිසකි.
අනෙක් 23 දෙනා කුවේට් රාජ්‍යයේ සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටින පිරිසක් වේ.
මේ වනවිට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1117 කි.
එම රෝගීන්ගෙන් 674 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පිරිස 434කි.
මේ අතර ඊයේ(23) දිනයේ සිදු කරන ලද PCR පරීක්ෂණ ගණන 1998ක් වන අතර හඳුනාගත් ආසාදිතයින් ගණන 21ක් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.