by Staff writer 20-05-2020 | 7:02 AM
COLOMBO (News 1st) - රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවකට පෙරේදා රාත්රියේ සිට ඇදහැලුණු වර්ෂාවත් සමග පිටර මට්ටව ඉක්මවා ගිය කළු ගඟේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතී.
කෙසේ වෙතත් අද උදෑසන 4.45 වන විටත් මීටර් 8 ක් ලෙස දැක්වෙන කළු ගඟේ පිටාර මට්ටම ඉක්මවා මීටර් 8.17 අගයක් පැවති බව අප වාර්තාකරු පැවසීය.
ඊයේ රත්නපුර නගරය ඇතුළු ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.
අප වාර්තාකරුවන් පැවසූවේ, ගම්මාන සඳහා යන අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යට වූ බවය.
කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර, ඇලපාත, කුරුවිට, කිරිඇල්ල යන ප්රදේශය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසක් ජලයෙන් යටවිය.