ජනපති කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි බැහැදකී

ජනපති කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි බැහැදකී

by Sagarika Chathumali 20-05-2020 | 7:04 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවේ ය. නාහිමියන් බැහැදැකීම සඳහා ජනාධිපතිවරයා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත පැමිණියේ අද පෙරවරුවේයි. මෙහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා, ඔහු රචනා කළ "කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ" නමැති ග්‍රන්ථය ජනාධිපතිතුමාට පිළිගැන්වී ය. ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම්, හිටපු අමාත්‍ය ආර්.ඒ.ඩී. සිරිසේන මහතා සංස්කරණය කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වී ය.