by Staff writer 17-05-2020 | 4:26 PM
COLOMBO (News 1st): පුත්තලම, පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ, දියණිය ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මියගොස් ඇත්තේ 60 හැවිරිදි අයෙකි.
ඔහුගේ නිවසට යාබද නිවසක තිබියදී පොලීසිය විසින් සිරුර සොයා ගෙනු ලැබ තිබේ.
පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ, දියණිය හා අසල්වැසියෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරුණු බැවින් එම තිදෙනා අත්අඩංගුවට ගත් බව ය.
අද පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු බව අප වාර්තාකරු පැවසුවේ ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.