තවත් නාවික සෙබලුන් 12 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදනය වූ තවත් නාවික සෙබලුන් 12 දෙනෙකු සුවය ලබයි

by Staff writer 17-05-2020 | 5:12 PM

COLOMBO (News 1st): කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි තවත් නාවික සෙබලුන් 12 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලබා සිටින නාවික හමුදා සාමාජිකයින් ගණන 189 කි. ඔවුන් සියලු දෙනා තවදුරටත් දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේ ය.