by Staff writer 17-05-2020 | 3:53 PM
COLOMBO (News 1st): ඊශ්‍රායලයේ චීන තානාපති ඩූ වීගේ මල සිරුර ටෙල් අවිව් හි පිහිටි නිවසේ තිබි හමුව තිබෙනවා.
58 හැවිරිදි තානාපතිවරයා ඊශ්‍රායලයේ තානාපති ධූරයට පත්ව තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීයි.
ඔහු මීට පෙර යුක්රේනයේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා.
ඔහුගේ හදිසි මරණය පිළිබදව මේ වනවිට ඊශ්‍රායලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
බී බී සී පුවත් සේවය පැවසුවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ජෙරුසලම් සංචාරයෙන් සතියකටත් අඩු කාල සීමාවකින් පසු චීන තානාපතිවරයාගේ හදිසි මරණය මෙලෙස වාර්තා වන බවයි.
නව තනතුර ලැබීමත් සමග පෙබරවාරි 14 වැනිදා ඊශ්‍රායලයට පැමිනි තානාපතිවරයා දින 14 ක් නිරෝධායනයකටද ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් තානාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පිහිටි චීන තානාපති කාර්යාලය හෝ බීජිං හි පිහිටි චීන විදේශ සබදතා අමාත්‍යංශය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.