by Staff writer 06-05-2020 | 6:01 PM
COLOMBO (News 1st) - රුපියල් 5000 දීමනාව ජනතාවට ලබාදීමට රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන් සඳහා වැටුපට අමතරව අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද පස්වරුවේ එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඔවුන්ගේ සේවයට ඇගයීමට ලක්කරමින් මෙම දීමනාව ලබාදෙන බවය.
ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් , ආර්ථික නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට මෙම දීමනාව ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.