මෙරට 8වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 8වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

by Chathuranga Rajapaksha 04-05-2020 | 7:46 PM

COLOMBO (News 1st) - මෙරට 8වැනි කොරෝනා මරණය මීට ටික වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි. ඇය කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයේ කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය. එම කාන්තාව 72 හැවිරිදි වියේ පසුවිය.