කුඩාවැල්ලේ අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමුවෙයි

කුඩාවැල්ලේ අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමුවෙයි

by Staff writer 04-05-2020 | 4:26 PM

COLOMBO (News 1st) - කුඩාවැල්ල ධීවර වරායෙන් තවත් ධීවරයින් 5 දෙනෙකු සමගින් යාත්‍රා කර අතුරුදන් වූ බවට සැළකූ ධීවරයාගේ සිරුර අද කලමැටිය ධීවර වරායට ආසන්න මුහුදේ තිබී සොයාගෙන තිබේ.

ඉකුත් 01 වැනිදා ධීවරයින් 6 දෙනෙකු සමගින් කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ධීවර යාතාවක් පසුගිය දින නැවත කුඩාවැල්ල ධීවර වරායට පැමිණියේ ධීවරයින් 5 දෙනෙකු සමගයි. එහිදී එම ධීවරයින් පැවසුවේ යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු අතුරුදන් වී ඇති බවයි. එලෙස අතුරුදන්ව තිබුණේ කුඩාවැල්ල ප්‍රදේශයේම පදිංචි සිව් දරු පියෙකි. වෙරළ ආරක්ෂක නිලධාරීන් තංගල්ල පොලීසියට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ විය. එහිදී තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ ද පරීක්ෂණ වලින් අනතුරුව මෙම සිදුවීම සැකසහිත බැවින් අදාල ධීවරයින් පස් දෙනා අත්අඩංගුවට ගෙන ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරීමට නියම කෙරුණි.