ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

by Staff writer 23-04-2020 | 7:23 AM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙනු ඇත.

ඒ, හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. කතානායකවරයාගේ නිල නිවසේදී රැස්වන ව්‍යවස්ථාදායක සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් සහභාගි වීමට නියමිතය.