by Staff writer 22-04-2020 | 5:43 PM
COLOMBO (News 1st) - මේ වන විට අද දින තුළ කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එම ආසාදිතයින් හමුවී තිබෙන්නේ 11 දෙනෙකු බේරුවල රෝහලෙන් සහ එක් අයෙක් පොලොන්නරුව රෝහලෙන් බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, මුළු ආසාදිතයින් සංඛ්‍යාව 322 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.