by Staff writer 19-04-2020 | 2:28 PM
COLOMBO (News 1st) - කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, බණ්ඩාරනායක මාවත 146 වත්තේ පදිංචිකරුවන් 110 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවය.
අදාළ ප්‍රදේශය මේ වනවිට හුදකලා කර ඇති බව ද වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඔවුන්ගෙන් 6 දෙනෙකු හඳුනා ගැනුණේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙනි.
තව ත් තිදෙනෙකු ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා නිවාසගතව නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ය.
කොරෝනා ආසාදනයවීමෙන් මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 156 කි.
කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සුවය ලබා ඇති සංඛ්‍යාව 91 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
රෝගයෙන් මෙරට මිය ගොස් ඇති සංඛ්‍යාව 07 කි.