ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

by Chathuranga Rajapaksha 15-04-2020 | 10:20 PM

COLOMBO (News 1st): රත්නපුර, කළුතර, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළොන්න, ගොඩකවෙල සහ වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එය බලාත්මක වේ. ඊට අමතරව මාතර, පස්ගොඩ සහ කොටපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය.