by Staff writer 15-04-2020 | 6:55 PM
COLOMBO (News 1st) : පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන සීමා ලිහිල් කිරීම පිළිබඳව තීරණ ගන්නා බව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සියලු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ඊට සහභාගිවූ බවයි.
පවතින වාතාවරණ සැළකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර, පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ කඩිනමින් යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමුකරන එම නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමා ලිහිල් කිරීම පිළිබඳව තීරණ ගැනීමට නියමිතයි.
ලොව සෙසු රටවල් හා සැසදීමේදී කොරෝනා වෛරසය මර්දනයට රජය ගත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බව පළාත් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.