COLOMBO (News 1st): ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ, දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂාවන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බව ය.
රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ හමුවේදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.
