COLOMBO (News 1st): අද දිනයේ කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 5 දෙනෙකු තහවුරු කරගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව හඳුනාගත් රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බව එම නිවේදනයේ දැක්වේ.
අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 238ක් දක්වා ඉහළ ගොස් තිබේ
