එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක්

ලතින් අමෙරිකානු කලාපයේ රටවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 04-04-2020 | 1:00 PM

COLOMBO ( News 1st ) - කොරෝනා වෛරසය හේතුවෙන් ලතින් අමෙරිකානු කලාපයේ රටවලට උග්‍ර ආර්ථික අර්බුධයකට මුහුණදීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එක්සත් ජාතින්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට ආර්ථික අවපාතයකට මුහුණපා සිටින ලතින් අමෙරිකානු කලාපයේ රටවලට කොරොනා වෛරසයේ බලපෑමෙන් එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බව ය. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමට අදාළ කෙටුම්පතක් සම්මත කරගනු ලැබුවේ ය. ඒ, COVID:19 වෛරසය මානව සෞඛ්‍යයට, ආරක්ෂාවට සහ යහපැවැත්මට තර්ජනයක් බව පෙන්වා දෙමින් ය. එක්සත් ජාතින්ගේ සංවිධානය සමස්ත මානව වර්ගයාගෙන්ම ඉල්ලා සිටින්නේ මෙම වසංගතයට එරෙහිව සටන් වැදීමට එක්ව කටයුතු කරන ලෙසයි.